― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවඳවීමේ තර්ජනයට ලක්ව ඇති කකුළු විශේෂයක් ගාල්ලෙන් හමුවෙයි

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කකුළු විශේෂයක් ගාල්ලෙන් හමුවෙයි

දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඒකදේශිය කකුළු විශේෂයක් ගාල්ල නගරයෙන් හමු වී තිබෙනවා.

ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යාපන නිලධාරීයෙකු වන ක්‍රිෂාන් වේවැල්වල පවසන්නේ වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී ඇති Pastilla ruhuna නම් මිරිදිය කකුළු විශේෂය පළමු වරට ගාල්ල ආශ්‍රිත පරිසරයෙන් හමුව ඇති බවයි.

Pastilla ruhuna (පැස්ටිලා රුහුණ) මෙම මිරිදිය කකුළු විශේෂය 2001 දී සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Peter K. L. Ng සහ Francis W. M.Jay විසින් විද්‍යාත්මකව විස්තර කරන ලද විශේෂයක් බව ඔහු පවසන්නේ.

මෙම ගණයේ දැනට ලෝකයේ වාර්තා වන්නේ මෙම විශේෂය පමණක් බැවින් ඒකදේශීය ගණයක් (Monotipic Grenara) ලෙසයි හඳුන්වන්නේ.

මෙම කකුළු විශේෂය මින් පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ රක්ෂිත ස්ථාන දෙකකින් හමු වී ඇති අතර ඉතාම කාර්යබහුල නාගරික පරිසරයකින් හමුවු පළමු අවස්ථාව මෙය බවයි ක්‍රිෂාන් වේවැල්වල පැවසුවේ.

මොවුන් රාත්‍රී කාලයේදී පමණක් දැකගත හැකි සත්ව විශේෂයක් වන අතර දකුණු පළාතෙන් මෙම කකුළු විශේෂය හමු වූ බැවින් ඔවුන්ගේ විශේෂ නාමය රුහුණ යන නමින් යොදා තිබෙනවා.