25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙන්නප්පුවේ බස් රථ 04ක් හදිසියේම ගිනි ගනී

වෙන්නප්පුවේ බස් රථ 04ක් හදිසියේම ගිනි ගනී

වෙන්නප්පුව ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබූ බස් රථ 04ක් ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වනවා.

අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ බස් රථ 4ක් අද (20) අලුයම මෙලෙස ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙන්නප්පුව, වැව පාරේ පිහිටි මෙම වාහන අලුත්වැඩියා කරන ස්ථානයට පැමිණි කිසියම් පුද්ගලයෙකු බස් රථවලට ගිනි තබා පළා යන අයුරු අසළ තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා.

මෙම ගිනි තැබීමෙ එම ස්ථානයේ අලුත්වැඩියාව සඳහා නවතා තිබූ එක් බස් රථයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර පොලීසිය පවසන්නේ ගින්නෙන් රුපියල් කෝටි 3ක පමණ හානියක් සිදුව ඇති බවයි.