― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsජනපතිවරණයේ මුද්‍රණ කටයුතු නිල වශයෙන් ඇරඹේ

ජනපතිවරණයේ මුද්‍රණ කටයුතු නිල වශයෙන් ඇරඹේ

රජයේ මුද්‍රණාලය විසින් එළඹෙන ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මුද්‍රණ කටයුතුවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම ඡන්ද පත්‍රිකාවල පළමු කාණ්ඩය, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ.

මෙවර ජනාධිපතිවරණ නිල ඡන්ද පත්‍රිකාව අඟල් 28ක් දිගින් යුක්ත වනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 2024 සැප්තැම්බර් 02 වැනිදා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ 2024 සැප්තැම්බර් 08 වැනිදා මැතිවරණයට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව ඡන්ද දැන්වීම් පත්‍රිකා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් (17,140,354) මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.