― political ―

VAT බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා – අනුර

ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට ඇතුළත් වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව...
HomeHot Newsඩමි අපේක්ෂකයෝ කවුද කියලා ජනතාව හොඳින් දන්නවා

ඩමි අපේක්ෂකයෝ කවුද කියලා ජනතාව හොඳින් දන්නවා

අපේක්ෂකයෝ කවුද? ඩමි අපේක්ෂකයෝ කවුද? කියා රටේ ජනතාව හොඳින් දන්නා බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව මගින් ගනු ලැබූ තීරණයක් අනුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට අවශ්‍ය කරන තොරතුරු ඇතුළත් ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන බොහෝ දේ පිළිබඳ කරුණු මට වාර්තාවක් මගින් ඉදිරිපත් කළා. ඒවගේම අපි සාකච්ඡා කළා. මේ බොහොමයක් කරුණු අපි මීට පෙරත් සාකච්ඡා කළා. හැබැයි ඒවා විසඳීම සඳහා නිසි පිළියමක් යෙදිලා නැහැ. එනිසා අපි සෞඛ්‍ය සේවාව විශේෂයෙන් බුද්ධි ගණනය වෛද්‍යවරුන් විදේශගතවීම වැළැක්වීම සඳහා කළ යුතු වැඩපිළිවෙල තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවාව හොඳින් පවත්වාගෙන යාම තමයි සාකච්ඡා කළේ ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මැතිවරණයෙන් පස්සේ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා තීන්දු ගන්න විශේෂයෙන් වෛද්‍යවරු ආවේ ඒගොල්ලන්ගේ පෞද්ගලික ප්‍රශ්න කතා කරන්න නෙමෙයි. පොදුවේ වෛද්‍ය ක්ෂේත්‍රය ඉහල ගුණාත්මකභාවයකින් යුතුව ආරක්ෂා කර ගැනීම සම්බන්ධව වෛද්‍යවරුන්ට විශේෂ ඉල්ලුමක් විදේශ රටවල තියෙන නිසා ඒ උදවිය විදේශ රටවල් වලට යන්නට නොදී ලංකාවේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සේවාව සැපයීම සඳහා නතර කරගැනීම පිළිබඳවත් තමයි සාකච්ඡා කළේ. අපි ඉදිරියේදී බලනවා ඒක අත්‍යවශ්‍ය දෙයක් සෞඛ්‍ය සේවාවේ කඩා වැටුණොත් මුළු රටටම ජනතාවගේ ජීවිත අනතුරේ. ඒ පිළිබඳව පැහැදිලි වැඩසටහනකට අපි යනවා.