31.1 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැරියන් දෙදෙනෙක් අපයෝජනය කළ දෙන්නෙක්ට වැඩ වරදී

දැරියන් දෙදෙනෙක් අපයෝජනය කළ දෙන්නෙක්ට වැඩ වරදී

8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනෙක් රවටා බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනා මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි අවස්ථාවේදී සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පෙම්වතෙක් ඔවුන්ව රවටා වෑන් රථයක දමාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පෙම්වතා මොවුන් දෙදෙනාව නිවසකට රැගෙන ගිය අවස්ථාවේදී එම නිවැසියන් දැරියන්ගේ වයස අසා එම නිවසේ නවතා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එම නිස සැකකාර පෙම්වතා දැරියන් දෙදෙනාව මිහින්තලයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් තිබෙනවා.

අනතුරුව පෙම්වතා දැරියන් දෙදෙනා එකම කාමරයේ දින දෙකක් රඳවා ගෙන සිට ඇති අතර පෙම්වතාගේ යහළුවෙකු ද එම කාමරයට පැමිණ ඇති බව අනාවරණය වූ බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකු සහ 30 පුද්ගලයෙක්.