― political ―

රනිල් රට භාර ගත් පසු හොරු නැති කළා – දුමින්ද

ගෑස් පෝලිම්වලට, විදුලි කප්පාදුවට, තෙල් පෝලිම්වලට හා ආර්ථික අර්බුදයට විසඳුම් ලැබුණේ රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුවේ ජනාධිපති කරපු නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්...
HomeHot Newsදූෂණය තුරන් කරන අපේ මෙහෙයුමට එක්වන්න - සජිත්

දූෂණය තුරන් කරන අපේ මෙහෙයුමට එක්වන්න – සජිත්

ආර්ථික ව්‍යසනයට, අගාධයකට ඇද වැටී තිබෙන අප රට ගොඩගත හැකි දැනුම කුසලතාව නිපුණතාව ඇති හොඳම කණ්ඩායම ඇත්තේ තමා සතුව බවත් විශේෂයෙන් මානුෂීය ධනවාදයත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එකට එක් කරගෙන රටක් ලෙස අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් තුළින් අප රට සෞභාග්‍යය සම්පන්න රටක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබන රටක් බවට පත් කර එහි ප්‍රතිලාභ සමානාත්මතාව තහවුරු වන ආකාරයට සැවොම බෙද ගත් ආර්ථිකයක් කරා මේ කණ්ඩායම සමග යා හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (20) කොළඹ ෂැංගිලා හෝටලයේ පැවැති ජාතික වෘත්තිකයන්ගේ කවුන්සිලය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ නව චින්තනය මැද මාවත අනුගමනය කර සමාජ සාධාරණත්වය යුක්තිය ඉටු කරන නව මාවතකට ප්‍රවේශ වන බවත් මෙහි දූෂණයට වංචාවට කිසිදු ඉඩක් නොමැති බවත් ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර කරමින් අන්ත දුෂිත රාජ්‍ය ගනුදෙනු බැහැර කර දූෂණය මුලින් උපුටා දැනීමේ ආර්ථික නිදහස දිනා ගන්නා මෙහෙයුමට එක්වන ලෙස ආරාධනා කරන බවත්ය.