― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපියුමා යළි රිමාන්ඩ්

පියුමා යළි රිමාන්ඩ්

විදේශගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියා සිදු කළ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සළිදු මල්ෂික නොහොත් ‘කුඩු සළිදු’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් ‘පියුමා’ ලබන සැප්තැම්බර් මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකාර පියුම් හස්තික අද (21) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි කොටුව වැඩබලන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මෙම නියෝගය නිකුත් කළේ.

එමෙන්ම සැකකරුගේ ගිණුම් මගින් විශාල ලෙස මුදල් සංසරණය වී ඇති බැවින් පුළුල් විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර බැංකු ගිණුම් පහක් පරීක්ෂා කිරීමට සිදු කළ ඉල්ලීමට අවසර ලැබිණි.

පියුමාට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදනය ප්‍රකාරව සැකකරු 2024.02.15 වන දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා දැනුම් දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත යොමු කර, සැකකරු ගුවන් මගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

ඔහු මෙරටට රැගෙන ඒමෙන් පසු අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

තම සේවා දායකයා කිසිදු ත්‍රස්තවාදීමය කටයුතු සඳහා චෝදනා යොමු වී නැති බවත් ඔහු රඳවා ප්‍රශ්න කරමින් සිටින්නේ ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ බවත් කියමින් සැකකරු එරෙහිව ඇත්තේ මිනිමැරුම් චෝදනා වැනි චෝදනා බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියා.

එහිදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකරුට එරෙහිව සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධ චෝදනා ඇති බවය. කුඩු සළිදු ඇතුළු පාතාල සාමාජිකයින් සමඟ ඔහු අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බව කියා සිටි පොලිසිය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට අදාළව ඉදිරි දින සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.