28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsAKD හා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

AKD හා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

තම රජය බලයට පත් වීමෙන් පසු ඇසළ පෙරහැර ඇතුළු මෙරට ජනතාවගේ ආගමික හා සංස්කෘතික උත්සව පැවැත්වීමට ඉඩ නොලැබෙන බවට ඇතැම් පාර්ශ්ව විසින් විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

අද පෙරවරුවේ ජාතික ජන බලවේගය හා සමස්ත ලංකා ජම් ඉයියතුල් උලමා සංවිධානයේ සාමාජිකයින් හමු වී සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී අනුර කුමාර දිසානායක පැවසුවේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළඹෙන 26 වැනිදා එළි දක්වන බවයි.

මෙහිදී පසුගියදා විවිධ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ ඇසළ පෙරහැර නැවැත්වීම, මුස්ලිම් ප්‍රජාවට තම රජයක් යටතේ රැවුළ වැවීමට ඉඩ නොදෙන ප්‍රකාශ ආදිය සම්බන්ධයෙන් ද ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අදහස් පළ කළා.