― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅපිව හැරගිය අයට ආයෙ අපි ගාවට එන්න වෙනවා - මහින්ද

අපිව හැරගිය අයට ආයෙ අපි ගාවට එන්න වෙනවා – මහින්ද

මංමුලාවැල් පෑගී පොහොට්ටුව අතහැර වෙනත් කඳවුරු සොයාගෙන ගිය අයට කවදා හෝ යළි පොදුජන පෙරමුණ පෙරමුණට එක්වීමට සිදුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (21) අනුරාධපුර කඩපනහේ පැවති නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන මැතිවරණ ව්‍යාපාරයේ මංගල රැස්වීම අමතමිනි.

කයිය නායකලාගේ බොරු බේගල්වලට දරුවන්ට රැවටෙන්නට ඉඩ නොතබන ලෙසයි හිටපු ජනාධිපතිවරයා එහිදී ජනටාවගෙන් ඉල්ලා සිටියේ.

සමහරුන්ට මංමුලා වැල් පෑගිලා. සමහරු අපව අත හැරලා වෙනත් කඳවුරු සොයාගෙන ගියා. අපි ඒ අයට දොස් කියන්නේ නෑ. හැබැයි එකක් විශ්වාසයි. කවදා හරි දවසක ඒ අය අපේ කඳවුරට එන්න අහනවා විශ්වාසයි. ඒක අද කිව්වා කියලා මතක තියා ගන්න. ජනතාව ඔවුන් ගන්න එපා කියනවා නම් අපි ගන්නේ නෑ. ඒත් ඒ ගිය අයත් ජනතාව ඉන්න තැන හඳුනනවා. ජනතාව ඉන්න තැන හොයාගෙන ඒ අයට එන්න වෙනවා.

ඔබට මතක ඇති 2005 දි අපි රට බාරගන්නකොටත් අපට බොහෝ පිරිසක් මඩ ගැහුවා. නමුත් රටේ ජනතාව අපෙන් ඉල්ලුවෙ ඊලමක් හැදෙන එක නවත්තලා රට දෙකට කැඩෙන එක නවත්තලා දෙන්න කියලා විතරයි. වෙන මොනවත් ඉල්ලුවෙ නෑ. ප්‍රේමදාස මහත්තය බයේ කොටින්ට ආයුද ගෙනත් දුන්නා. සජිත් ප්‍රේමදාසගේ තාත්තා ආයුධ දුන්නා. රනිල් උන්නැහැ සාම ගිවිසුම් ගැහුවා. ඔවුන් කවදාවත් ප්‍රභාකරන් එක්ක යුද්ධයක් කළේ නෑ. ඒ යුද්ධය 2009 දි ඉවර කරන්න අපට හැකි වුනා.

එදා අපට ඕන වුනේ නූපන් දරුවන්ටත් යුද්ධයක වේදනාව නොදෙන්නයි. අද සිංහල දෙමළ මුස්ලිම් හැමොම යුද බිය නැතිව ජීවත් වෙනවා. එහි ගෞරවය අපව පත් කළ ඔබ සැම දෙනාටම හිමි වෙනවා. ඔබේ දරුවන්ට මේවා මතක් කර දීම වැදගත්. කයිය නාකයලාගේ බොරු බේගල්වලට දරුවන්ට රැවටෙන්නට ඉඩ දෙන්න එපා.”