27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන පිරවුම්හලේ සේවකයාට තියුණු ආයුධයකින් පහර දීලා

ඉන්ධන පිරවුම්හලේ සේවකයාට තියුණු ආයුධයකින් පහර දීලා

යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සේවය කළ පුද්ගලයෙකුට බීමතින් පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දෙන අයුරු පිරවුම්හලේ තිබූ CCTV කැමරාවේ සටහන් වී තිබෙනවා.

මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හලේ සේවකයා පේදුරුතුඩුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (21) රාත්‍රී 11.30ට පමණ මෙම පහරදීම සිදුව ඇති අතර
ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු විසින් පෙට්‍රල් ලබාදෙන ලෙස පවසා ප්ලාස්ටික් බෝතලයක් ඔහු වෙත ලබා දී තිබෙනවා.

එහිදී බීමතින් සිටි එක් තරුණයෙක් ඉන්ධන සපයන්නා සමග ඇති වූ බහින්බස් වීමක් සිදුව ඇති අතර ඔහු සමඟ යතුරුපැදියේ පැමිණි අනෙක් තරුණයා සඟවාගෙන සිටි කඩුවකින් මෙම සේවකයාට ඉතා අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

මෙම සිදුවීම ඉන්ධන හලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ ද සටහන් ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙක් නෙල්ලිඅඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.