28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරාන ජනපති ගමන්ගත් යානය කඩා වැටීමට හේතුව හෙළිවෙයි

ඉරාන ජනපති ගමන්ගත් යානය කඩා වැටීමට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය අනතුරට පත්වීමට හේතුව හෙළිව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අයහපත් කාලගුණය සහ යානයට එහි බර පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එහි නියමිත ප්‍රමාණයට වඩා පුද්ගලයින් දෙදෙනෙක් ගමන්කර තිබූ බව ද අනාවරණය වී ඇත්තේ.

පසුගිය මැයි මාසයේදී අසර්බයිජාන් දේශසීමාව ආසන්නයේ ඉරාන ජනපතිවරයා ගමන් ගත් යානය අනතුරට ලක් වුණා.

එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත් වුණා.