27.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 03 වැනිදා සිට

ඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 03 වැනිදා සිට

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස සැප්තැම්බර් මස 8 වැනිදා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ කරන බවයි.

එම ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 14 වැනිදායින් අවසන් වනවා.

ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා සිදුකෙරෙනවා.

එමෙන්ම නියෝජ්‍ය තැපැල්පතිවරයා අවධාරණය කළේ මැතිවරණ දිනය දක්වාම තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් රජකාරි වෙලාවන්හි දී සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට හිමි නිල ඡන්ද පත්‍රකාව සිය අත්සන යොදා ලබාගත හැකි බවයි.