― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රසිද්ධ කෙරේ

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රසිද්ධ කෙරේ

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබා දී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දූෂණ විරෝධී පනතේ 89 වගන්ති ප්‍රකාරව ජනාධිපති ධුර අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමඟ ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී ඇති බවයි.

ඒ අනුව එහි හෙළි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිත පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මෙලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට මුදා හැර තිබෙනවා.