28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතණමල්විල සැකකරුවන් 05 වැනිදා දක්වා රිමාන්ඩ්

තණමල්විල සැකකරුවන් 05 වැනිදා දක්වා රිමාන්ඩ්

තණමල්විල පාසලක ඉගෙනුම ලැබූ පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාසල් සිසුන් 17 දෙනා සහ කාන්තාව අද (22) යළි වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී අදාළ දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාව ආවරණය කිරීමට ගිය අප වාර්තාකරු හට ද එහි සිටි පුද්ගලයකු බැන පහරදීමට උත්සාහ දරා ඇති අතර එම පුද්ගලයා එම ස්ථානයේ විරෝධතාවයේ නිරත කාන්තාවන්ට ද බැන තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණයට ඉදිරිපත් කළ සිසුන් 17 දෙනා සහ කාන්තාව ලබන මස 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබෙනවා.