30.6 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනරේන්ද්‍ර මෝදි හෙට යුක්‍රේනයේ සංචාරයක

නරේන්ද්‍ර මෝදි හෙට යුක්‍රේනයේ සංචාරයක

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (23) යුක්රේනයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය රාජ්‍ය නායකයෙකු යුක්රේනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී ඔහු යුක්‍රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි ද හමුවීමට නියමිතයි.

මෝදි මේ වනවිට පෝලන්තයේ සංචාරයක නිරත වනවා.