28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළමු තරගයේදීම මිලාන්ගෙන් ලෝක වාර්තාවක්

පළමු තරගයේදීම මිලාන්ගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (21) පැවැත්වුණා.

තරගය පැවැත්වුණේ මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදීයි.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙම තරගයේදී ඊයේ ටෙස්ට් වරම් හිමි කරගත් මිලාන් රත්නායක සිය මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර මිලාන් රත්නායක දැවී යන විට හයේ පහර දෙකක් සහ හතරේ පහර 06ක් සමගින් පන්දු 135 කට ලකුණු 72ක් ලබා සිටියා.

මෙය මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 09 පිතිකරු ලෙස තම මංගල ටෙස්ට් ඉනිම දියත් කළ පිතිකරුවකු විසින් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම ඉනිම ශ්‍රී ලාංකික පිතිකරුවකු විසින් අංක 09 හෝ ඊට පහළ පිතිකරණ ස්ථානයක සිට වාර්තා කළ හොඳම මංගල ටෙස්ට් ඉනිම ලෙස ද වාර්තා අතරට එක් වුණා.