― political ―

රනිල් රට භාර ගත් පසු හොරු නැති කළා – දුමින්ද

ගෑස් පෝලිම්වලට, විදුලි කප්පාදුවට, තෙල් පෝලිම්වලට හා ආර්ථික අර්බුදයට විසඳුම් ලැබුණේ රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුවේ ජනාධිපති කරපු නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්...
HomeHot Newsමැද මාවතේ යන එකම පක්ෂය සජබෙ විතරයි - තුෂාර ඉඳුනිල්

මැද මාවතේ යන එකම පක්ෂය සජබෙ විතරයි – තුෂාර ඉඳුනිල්

බයියන්ගෙන් 50%කුත් ටොයියන්ගෙන් 50% කුත් එකතු කරගෙන මැද මාවතේ යන පක්ෂයක් ලෙසට හදුන්වා දිය හැකි එකම පක්ෂය බව සමගි ජන බලවේගය බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (22) සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තලතා අතුකෝරළට දීර්ඝ වශයෙන් දේශපාලන විශ්‍රාම දිවියකට ආසිරි පතන බව පැවසූ මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ තම පක්ෂයේ දිරච්ච පොත්‍තක් පසුගියදා ගැලවී ගිය බවයි.

අපේ පක්ෂයේ දිරච්ච පොත්‍තක් පසුගියදා ගැලවිලා ගියා. අපේ පැරණි කියමනක් තියෙනවා කොට ගෑනියි මිටි හුඹහයි විශ්වාස කරන්න එපා කියලා. මොකද මිටි හුඹහේ නයි ඉන්නවා භයානකයි. ඒ වගේම තමයි මිටි ගෑනිත් විශ්වාස කරන්න බෑ. තලතා නෝනට පුදුම හදිස්සියක් තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු කට්ටියක් අරන් එළියට ගිහිල්ලා සමගි ජන බලවේගය හදන්න. ඒ නිසා තලතා නෝනටත් වෙන්නේ සරත් ෆොන්සේකාට, රාජිත සේනාරත්නට වගේ දේශපාලන වශයෙන් තනි වෙන්න. ඒ නිසා අද ඒ අය රැස්වීම් තියෙනවා සෙනඟ නෑ. තලතා නෝනටත් අපි දේශපාලන වශයෙන් දීර්ඝ විශ්‍රාම දිවියකට ආසිරි පතනවා.