සියලුම රාජ්‍ය සේවකයින්ගේ 2025 ජනවාරි මස සිට මූලික වැටුප ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න පැවසුවේ ඒ අනුව පහළ ශ්‍රේණි සඳහා 24%කින්ද අනෙක් තනතුරු සඳහා 24% සිට 50% දක්වා මූලික වැටුප වැඩිවන බවයි.
එම වැටුප් වැඩි කිරීමේදී සුදුසුකම්, පළපුරුද්ද සහ ඔහු වර්තමානයේ සිදුකරන කාර්යය සලකා බලන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.