― political ―

රනිල් රට භාර ගත් පසු හොරු නැති කළා – දුමින්ද

ගෑස් පෝලිම්වලට, විදුලි කප්පාදුවට, තෙල් පෝලිම්වලට හා ආර්ථික අර්බුදයට විසඳුම් ලැබුණේ රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුවේ ජනාධිපති කරපු නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්...
HomeHot Newsරනිල් මැතිවරණ සටනට එන්නේ ඡන්ද ලක්ෂ 71ක් අතේ තියාගෙන - සියඹලාපිටිය

රනිල් මැතිවරණ සටනට එන්නේ ඡන්ද ලක්ෂ 71ක් අතේ තියාගෙන – සියඹලාපිටිය

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සටනට පැමිණෙනේ ඡන්ද ලක්ෂ 71ක් අතේ තියාගෙන බවත් මග හැරිය නොහැකි සටනක කොටස්කරුවන් වන්නට සියලු දෙනාට ආරාධනා කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (21) කෑගල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක හමුවක එක්වෙමිනි.

මෙවර ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 17,000,000කි. ඉන් මෙරට සාමාන්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අනුව 85%ක පමණ පිරිසක් ඡන්ද භාවිත කරනු ඇතැයි උපකල්පනය කළ විට එම ඡන්ද ප්‍රමාණය 13,600,000ක් පමණ ය. ජනාධිපතිවරණය ජය ගැනීමට හෙවත් 51%ක ප්‍රතිශතයක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව 6,936,000කි. 2020 මහ මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 6,853,690කි. සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද ප්‍රමාණය 2,771,980කි. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 445,958ක් සහ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 250,000ක් හිමි විය. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 250,000ත්, පොදු ජන පෙරමුණේ ඡන්ද 69 ලක්ෂයත් මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත හිමි වන බැවින් ඡන්ද ලක්ෂ 71ක පැහැදිලි බලයක් තිබෙනවා. මෙයින් පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණය අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙත ඡන්ද ලක්ෂ 10ක් ද ජාතික ජන බලවේගය වෙත ඡන්ද ලක්ෂ 10ක් ද බෙදී ගිය හොත් ඡන්ද ලක්ෂ 51ක් රනිල් වික්‍රමසිංහ වෙත හිමිවෙනවා.

පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 28ක ඡන්ද ප්‍රමාණයක් භාවිත කර නොමැති බැවින් ඉන් ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් මෙවර අනිවාර්යයෙන් ම රනිල් වික්‍රමසිංහ වෙත හිමි වනවා. මීට අමතරව රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර ජනතාවගේ විශ්වාසය දිනා ගත් නායකයකු බවත් එබැවින් එම ඡන්ද ප්‍රමාණයෙන් ද බහුතරයක් ඔහුට හිමි වනවා. මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඊපීඩීපී සංවිධානය ද ජනාධිපතිවරයා සමග සිටිනවා.”