24.5 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන ති බව වාර්තා වනවා.

සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ව අද සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

ඔවුන් ‘නිදහස් අධ්‍යාපනය සුරකින නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන රාජ්‍ය විශ්වවිද්‍යාල සියලු සම සෞඛ්‍ය උපාධිධාරින් රාජ්‍ය සේවයට වහා බඳවා ගනු’ යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරමින් මේ වනවිට විරෝධතාවේ නිරත වනවා.

මෙම විරෝධතාවට එරෙහිව අද අධිකරණ නියෝගයක් ද නිකුත් කරනු ලැබූ අතර විරෝධතාකරුවන් එම අධිකරණ නියෝගයද නොතකා විරෝධතාවේ නිරත වන අයුරු දැක ගන්නට ලැබුණා.