අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන හා පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සයිඩ් අතර ඊයේ (22) හමුවක් පවත්වා තිබෙනවා.
පලස්තීන තානාපතිවරයාගේ සමුගැනීමේ හමුවටයි මෙලෙස අග්රාමාත්යවරයා එක්ව ඇත්තේ.
පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔහු අග්රාමාත්යවරයා දැනුවත් කළ අතර ශ්රී ලංකාව තවදුරටත් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි අග්රාමාත්යවරයා එහිදී පැවසුවේ.