28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඅනතුරු 03ක් සිදු කළ වෑන් රථ රියදුරා හදිසියේම ජීවිතක්ෂයට

අනතුරු 03ක් සිදු කළ වෑන් රථ රියදුරා හදිසියේම ජීවිතක්ෂයට

අනතුරු තුනක් සිදු කළ වෑන් රථ රියදුරෙකු හදිසියේම රෝගී වී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ රියදුරු කොට්ටාව, පින්හේන හන්දිය ආසන්නයේදී වාහන තුනක වරින්වර ගැටී ඇති බවයි පිළියන්දල පොලිසිය පවසන්නේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ කොට්ටාව, දීපංගොඩ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්.

කොට්ටාව සිට මත්තේගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ මෙම වෑන් රථය අනෙකුත් වාහනවලට ඉස්සර කර ධාවනය කරමින් සිටියදී සිටියදී පළමුවෙන්ම සුඛෝභෝගී ජීප් රථයක බඳ කොටසේ ගැටී තිබෙනවා.

ඉන් අනතුරුව යළිත් කුඩා වෑන් රථයක හා ලොරියක ගැටී මෙම වෑන් රථය නතර වී තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ඉන් මද වේලාවකට පසු රියදුරු රෝගී වී ඇති අතර සුවසැරිය ගිලන් රථයකින් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එහිදීයි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.