27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ ඉදිරි දින කිහිපයේදී සිය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි.

ඉදිරි දිනවලදී මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීමට හැකියාව පැවතීම හේතුවෙනුයි මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ.

ඒ අනුව අත්‍යවශ්‍ය කරුණකට හැර සේවා ස්ථානයෙන් පිටත්ව නොයන ලෙසත් නිරන්තරයෙන් තම ආරක්ෂාව පිළිබඳව අවදානය යොමු කරන ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

එමෙන්ම හදිසි අවස්ථාවක දී තම සේවා ස්ථානවල ඇති ආරක්ෂක කුටි භාවිත කරන ලෙස හා දින කීපයකට අවශ්‍ය ආහාර, ඖෂධ ගබඩා කර තබා ගන්නැයි ඔවුන්ට දැනුම් දී තිබෙනවා.