27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොල්කටා වෛද්‍යවරියගේ ඝාතකයා සියල්ල වමාරයි

කොල්කටා වෛද්‍යවරියගේ ඝාතකයා සියල්ල වමාරයි

ඉන්දියාවේ කොල්කටා නුවර රෝහලක වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංජේ රෝයි ගැන කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඔහුගේ මනෝ විශ්ලේෂණාත්මක පැතිකඩෙන් සිදුකළ නිරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු ‘විකෘති කාමුක දර්ශනවලට ඇබ්බැහි වූ’ අයෙකු බවයි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී රෝහල තුළ සිදු වූ බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් ඔහු කිසිදු පසුතැවිල්ලක් නොදැක්වූ බවයි ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය පවසන්නේ.

කොල්කටා හි වෛද්‍යවරියක් පැය 36ක සේවා මුරයෙන් අනතුරුව රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවේ විවේක ගැනීමට ගොස් ඇති අතර එහි දී ඇයව ඝාතනය කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළේ.

ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේද සඳහන් වන්නේ ඇය දූෂණය කර දරුණු ලෙස පහර දීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

ඇයට බාහිර තුවාල 16ක් සහ අභ්‍යන්තර තුවාල 09ක් සිදුව ඇති අතර ගෙල සිරවීමකින් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංජේ රෝයිගේ ජංගම දුරකථනයේ තිබී අසභ්‍ය දර්ශන කිහිපයක් හමු වී තිබෙනවා.