31 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපති අපේක්ෂකයෙක් හදිසියේම ජීවිතක්ෂයට

ජනාධිපති අපේක්ෂකයෙක් හදිසියේම ජීවිතක්ෂයට

එලැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අයිදුරුස් මුහම්මද් ඉල්යාස් නැමැති අයෙක්.

ඊයේ (22) රාත්‍රියේ හදිසියේම ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි මොහු ජීවිතක්ෂයට පත් වී ඇත්තේ.

මියයන විට ඔහු 78 වන වියේ පසු වුණා.