23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාසලේ පිරිමි ළමුන්ට අතවර කළ විදුහල්පති අත්අඩංගුවට

පාසලේ පිරිමි ළමුන්ට අතවර කළ විදුහල්පති අත්අඩංගුවට

කතරගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ පිරිමි ළමුන් කිහිපදෙනෙකු එම පාසලේ විදුහල්පතිවරයා විසින් අපයෝජනයට ලක් කර තිබෙනවා.

9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකු ඇතුළු ඔහුගේ සමවයස් මිත්‍රයින් කිහිපදෙනෙක් මෙලෙස සැකකාර විදුහල්පතිවරයාගේ ලිංගික අතවරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස ලිංගික හිංසනයට ලක් වූ එක් පිරිමි දරුවෙකු තමන් මුහුණදුන් හිංසනය පිළිබඳව පොලීසිය හමුවේ පවසා ඇත්තේ විදුහල්පතිවරයා විසින් තමන් 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී 8 ශ්‍රේණියට අසමත් කළ බවයි.

විදුහල්පතිවරයා අවස්ථා කිහිපයකදීම තමන්ට ඔහු සමග අයුතු අයුරින් ලිංගිකව හැසිරීමට යෝජනා කළද, තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් නමුත් එක් අවස්ථාවකදී බලහත්කාරයෙන් විදුහල්පතිවරයා තමන්ට ලිංගික අතවර සිදු කළ බවත් එම දරුවා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධියට මුහුණ පෑ දරුවා මේ බව දෙමාපියන්ට දැන්වීමෙන් පසුව ඔවුන් කතරගම පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ ඔස්සේ සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පාසලේ තවත් පිරිමි දරුවන් කිහිපදෙනෙකු ද විදුහල්පතිවරයා අතින් අපයෝජනයට ලක්ව ඇති බවයි.

ඒ අනුවයි සැකකාර විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර විදුහල්පතිවරයා අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේනමුත් ලිංගික හිංසනයන්ට ලක් වූ දරුවන් මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.