31.7 C
Colombo
Saturday, November 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙන්තර බෝට්ටු අනතුරකින් දෙදෙනෙක් අතුරුදන්

බෙන්තර බෝට්ටු අනතුරකින් දෙදෙනෙක් අතුරුදන්

බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අලුත්ගම පොලිසිය පැවසුවේ ඊයේ (22) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවයි.

මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන ගමන් කළ බෝට්ටුවක් සහ බෙන්තර පොලිස් බල ප්‍රදේශයේ පිහිටි සංචාරක බෝට්ටුවක්.

බෙන්තර ප්‍රදේශයේ සංචාරක හෝටලයේ සිට පැමිණි බෝට්ටුවේ දෙදෙනෙකුයි මෙලෙස අතුරුදන් වී ඇත්තේ.

බෙන්තර අගමැති බංගලාව ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක් ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති බවයි අලුත්ගම පොලීසිය පවසන්නේ.

හෝටලයේ බෝට්ටු සහ අවට පිහිටි ජල ක්‍රීඩා සංගම්වල බෝට්ටු ආධාරයෙන් අතුරුදන් දෙදෙනා සොයා මෙහෙයුම් අරඹා තිබෙනවා.

අලුත්ගම සහ බෙන්තර පොලිස් ස්ථාන එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.