― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමිලාන් - කෝකිලාත් රනිල්ට අත දෙයි

මිලාන් – කෝකිලාත් රනිල්ට අත දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක හා කෝකිලා ගුණවර්ධන එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම පිළිබඳව දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

විදේශ රටකට ගුවන් යානයෙන් ගියපු වාර ගණන පුළුවන් නම් කියන්නැයි තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අභියෝග කරන බව මන්ත්‍රීවරයා කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළකරන්න තමයි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරු 93කට වඩා වැඩි ප්‍රමාණයක් අපි දැන් ඒකරාශි වෙලා ඉන්නවා. පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු සියලුම සංවිධාන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මැතිවරණ ප්‍රචාරණ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. අපි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයක් විදිහට තමයි මේ කටයුත්තට සහයෝගය දෙන්නේ.

පසුගිය අවුරුදු දෙකක කාලය තුළ අපිට තිබුණු අත්දැකීම් අනුව අපිට විශ්වාසයක් තියෙනවා රනිල් වික්‍රමසිංහට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. දැන් සියලු දෙනාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් එතුමා ඇති කරලා තියෙනවා. මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා පුළුවන් නම් විදේශ රටකට ගුවන් යානයෙන් ගියපු වාර ගන්න පිළිබඳව අපිට කියන්න කියලා. එතුමාට විදේශ රටකට ගිහිල්ලා රාජ්‍ය නායකයෙක් හම්බෙන්නවත් මානසික ශක්තියක් නැහැ. මෙතුමාට ගුවන් යානයක යන්න ශක්තියක් නැහැ. අරගලේ වෙලාවේ මෙතුමා පැනලා ගියා. මිනිසුන් අමාරුවේ ඉන්න වෙලාවක පැනලා යන්නැතුව අභියෝග බාරගෙන රට බේරගත්තේ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදර ගිනිතියපු වෙලාවේ අපි හිතුවා එතුමා පැනලා යයි කියලා. නමුත් එතුමාගේ ගේ ගිනි තියලාවත් එතුමා හැර ගියේ නැහැ.

සමගි ජන බලවේගය දැන් සිඟිති පක්ෂයක්. සමගි ජන බලවේ සියලු දෙනා දැන් ගැලවිලා එනවා. තිස්ස කුට්ටිආරච්චි බඩ සුද්දයි කිව්වට ලෙඩා මලා. එතුමාලා කරන්න ඕන දැන් බඩ සුද්ද කරගන්න එක නෙවෙයි. මේ අය තමන්ගේ බඩ සුද්ද කරගන්න එක ගැන විතරයි කතා කරන්නේ. අපි එළියට බැස්සේ අපේ තනතුරු සියල්ල නැති උනත් කමක් නෑ කියන මතයේ ඉඳලා. බංකොලොත් දේශපාලන තත්ත්වයක් උඩ අපේ පාක්ෂිකයා ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ. ජනතා විමුක්ති පෙරමුණ කැලෑ නීතිය ගමට ගෙනියනවා කිව්වා. දැන් ඒක තමයි මේ වෙලා තියෙන්නේ.