― political ―

රනිල් රට භාර ගත් පසු හොරු නැති කළා – දුමින්ද

ගෑස් පෝලිම්වලට, විදුලි කප්පාදුවට, තෙල් පෝලිම්වලට හා ආර්ථික අර්බුදයට විසඳුම් ලැබුණේ රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුවේ ජනාධිපති කරපු නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්...
HomeHot Newsමේක එල් බෝඩ් ගහගෙන යන ගමනක් නෙවෙයි - රවී

මේක එල් බෝඩ් ගහගෙන යන ගමනක් නෙවෙයි – රවී

මේක රට හදන ගමනක් මිසක් එල් බෝඩ් ගහගෙන යන ගමනක් නොවන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) හෝමාගම ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව අදහස් දක්වමිනි.

මෙම අවස්ථාවේදී කරන්න පුළුවන් කෙනෙකුට රට භාර දෙන එක ජනතාවගේ අත තිබෙන බවත් ජනතාව රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැති බව තමාට විශ්වාස බවත් ඔහු එහිදී කියා සිටියා.

රටේ ජනතාවට තියෙන්නේ කරන්න පුළුවන් කෙනෙකුට රට භාර දෙන එකයි. මේ වෙලාවේ හැටියට සියලුම දෙනාගේ කැමැත්ත එයයි. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තව දවස් තුනකින් හතරකින් එළි දක්වනවා. කියන දේ කරන රට හදන ගමනක් යන්නේ එල් බෝඩ් ගහගෙන යන ගමනක් නෙමෙයි විශ්වාසයෙන් කටයුතු කරගෙන යන ගමනක් ස්වාධීන අපේක්ෂකයා ලෙස ඉදිරිපත් උනාට රටේ ජනාධිපති බවට පත්වුණාම සියලුම පක්ෂවලින් අයින් වෙලා රටේ ජනාධිපති හැටියට ගමනක් යන එකයි තියෙන්නේ.

මේ අවස්ථාවේ තියෙන්නේ රට හදන ගමනක් මිස වෙන දේවල් කරන එකක් නෙවෙයි. මේ රටේ ජනතාව රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නෑ. පක්ෂ සියලුදෙනා එකතු වෙලා එක තැනකට ආවේ මේ රට කරන්න පුළුවන් පුද්ගලයා නිසයි. අනිත් අය බැහැයි කියනකොට පුළුවන් කියලා ඉදිරිපත් වුණ කෙනා වටේ එකතුවෙලා ඉන්නේ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ සමග මේ ගමන ඉදිරියට යන්න මේ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ.”