26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුනයිටඩ් පෙට්‍රෝලියම් මෙරට මෙහෙයුම් අරඹයි

යුනයිටඩ් පෙට්‍රෝලියම් මෙරට මෙහෙයුම් අරඹයි

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ (22) මෙරට තම මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ඔවුන්ගේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස ආරම්භ කරන බවයි.

ඒ අනුව යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඉන්ධන පිරවුම් හල් 150 කින් මෙරට ඉන්ධන වෙළදපොළට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරනු ලබනවා.

ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රොලියම්, ලංකා ඉන්දියානු තෙල් සමාගම, සයිනොපෙක් සමාගම, ආර් එම් පාක්ස් – ශෙල් සමාගම යන සමාගම්වලට පසුව මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන හතර වන සමාගමයි.