― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිපක්ෂය ජනතාවට බොරු පොරොන්දු දෙනවා - ශෙහාන්

විපක්ෂය ජනතාවට බොරු පොරොන්දු දෙනවා – ශෙහාන්

ජනාධිපතිවරණය ලං වීමත් සමඟ රාජ්‍ය සේවකයන් ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය විසින් ඉටුකළ නොහැකි පොරොන්දු ලබාදෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (23) ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා ලබන වසරේ ජනවාරි මාසයේ සිට වැඩි කිරීම විද්‍යාත්මක පදනමක් මත සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබිය දී ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ද රජයේ වැඩපිළිවෙල අනුගමනය කරමින් ඒ ආකාරයෙන්ම ජනතාවට ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

එමෙන්ම රුපියල් 17,800කට ආසන්න ජීවන වියදම් දීමනාව රුපියල් 25000 දක්වා වැඩි කිරීමට, රාජ්‍ය සේවකයාගේ අවම වැටුප 24 % – 35% දක්වා වැඩි කිරීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙවර අයවැය ලේඛනයට ඇතුළත් කරමින් රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් පනස් පන්දහස දක්වා අවම සීමාවකට රැගෙන ඒමට කටයුතු කරනු ලබන බවයි ඔහු අවධාරණය කළේ.

මේ ආකාරයෙන් අනෙකුත් කණ්ඩායම්වලටද ආර්ථිකය වර්ධනයේ ප්‍රතිලාභය ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

විපක්ෂය යෝජනා කරන 24% ක් දක්වා බඳු ප්‍රතිශතය කපා හැරීම හේතුවෙන් අහිමිවන රාජ්‍ය ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 40 -50 ත් අතර ප්‍රමාණයක් වන අතර ඉහළම ආදායම් ලබන සියයට දහයකට පමණ පිරිසකට එහි වාසිය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ බව ද පවසන රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී නොසිට මැතිවරණය සඳහා සහයෝගය ලබා දෙන පුද්ගලයින්ට පමණක් විපක්ෂය බදු සහන ලබා දීමට කටයුතු කරන බවය.

මහජන නියෝජිතයන්ට සහ රට වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයන්ට චෝදනා කරනුයේ ඔවුන් තුළ පවතින ආත්මාර්ථකාමී බව නිසා බවත් මේ රටේ පැවැත්ම පිළිබඳව හා දේශපාලන සංස්කෘතිය හොඳ අවබෝධයෙන් සිටින කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහට උදව් කරනුයේ මුදලට නොවන බවත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් කියා සිටියේ වසර දෙකක් පමණ පුරා රටේ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීමට අභියෝගයක් පැවැති බවත් ජනාධිපතිවරණයෙන් පසුව කඩිනමින් මහ මැතිවරණය, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අයවැය ලේඛනය තුළ මුදල් වෙන් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇති බවයි.