― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රීලනිපයට අත්ව ඇති ඉරණමට වගකිව යුත්තේ මෛත්‍රී - දයාසිරි

ශ්‍රීලනිපයට අත්ව ඇති ඉරණමට වගකිව යුත්තේ මෛත්‍රී – දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මෛත්‍රීපාල සිරිසේන බවත් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වූ පසු කොට්ඨාස ක්‍රමයක් ගෙනත් රට තුළ විශාල ලේ වැගරීමක් කිරීමට සූදානම් වන බවත් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පවසනවා.

පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර කියා සිටියේ ඉවත් වී ඇති මන්ත්‍රීවරුන්ට තනතුරු ලබාදීම නීතිවිරෝධී බවත් රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී අන්ත පරාජයක් අත්වන බවත්ය.

සජිත් ප්‍රේමදාස බලයට පත් වූ විට ක්‍රියාත්මක වන්නේ රටේ නීතිය බවත් ඔහු දියත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.