23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහොරෙන් ගෙනා දුම්වැටි තොගයක් ගුවන්තොටේදී මාට්ටු

හොරෙන් ගෙනා දුම්වැටි තොගයක් ගුවන්තොටේදී මාට්ටු

තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ ඊයේ (22) පස්වරු 03.18ට EY390 ගුවන් යානයෙන් අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙක් සන්තකයේ තිබී මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 පිරිමි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් කාටූන් 108 (සිගරට් 21,600) ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම මිලියන 2.2ක් පමණ වන බවයි ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පවසන්නේ.