― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot NewsMpox නව ප්‍රභේදය තායිලන්තයටත් රිංගයි

Mpox නව ප්‍රභේදය තායිලන්තයටත් රිංගයි

ආසියාවේ පළමු Mpox හි නව ප්‍රභේදය වැළඳුණු රෝගියෙක් තායිලන්තයෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයා අප්‍රිකානු රටක සිට තායිලන්තයට පැමිණි අයෙක් බවයි.

මෙලෙස Mpox නව ප්‍රභේදයට ගොදුරු වී ඇත්තේ 66 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

ඔහුට වැළඳී ඇත්තේ Mpox හි Clad 1b ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති අතර ආසාදිතයා රෝග ලක්ෂණ පෙන්වූ වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Mpox හෙවත් වඳුරු උණ වසංගත තත්ත්වය කොංගෝ රාජ්‍යයෙන් ආරම්භ වූ අතර ඉන් පුද්ගලයින් 450 දෙනෙකුට වැඩි පිරිසකට දිවි අහිමි වුණා.