32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට

ඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් අද (26) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

‘INS Mumbai’ නම් මෙම යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා.

මෙම නෞකාව දිගින් මීටර් එකසිය හැට තුනක් (163) හා නැව් මුළුව හාරසිය දහ දෙනෙකුගෙන් (410) සමන්විත වනවා.

‘INS Mumbai’ යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතයි.

මෙම ඉන්දීය යුද නෞකාව 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.