― political ―

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා – දුමින්ද

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නූ බවත් ජනාධිපතිකම යනු එක ඉල්ලන ඉල්ලන එකාට දෙන එකක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද...
HomeHot Newsඊශ්‍රායලය හා ලෙබනනයේ යුධ ගිනි ඇවිලෙයි

ඊශ්‍රායලය හා ලෙබනනයේ යුධ ගිනි ඇවිලෙයි

ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කළ පැය 48ක හදිසි තත්ත්වය තවමත් ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හිස්බුල්ලා සංවිධානයේ මහා පරිමාණ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනය පුරා පූර්ව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කර ඇති බවයි.

ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක ෆුවාජ් ෂුකර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතර ඊයේ (26) ඇති වූ දරුණු ගැටුම්වලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර
ඉන් මරණ තුනක් ලෙබනනයේ හා එක් මරණයක් ඊශ්‍රායලයෙන් තහවුරු වී තිබෙනවා.

මේ වන විට ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැවැන්ත ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා.