― political ―

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා – දුමින්ද

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නූ බවත් ජනාධිපතිකම යනු එක ඉල්ලන ඉල්ලන එකාට දෙන එකක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද...
HomeHot Newsඔස්ට්‍රේලියානුවන්ගේ කම්කරු නීති අලුත් වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ කම්කරු නීති අලුත් වෙයි

ඔස්ට්‍රේලියානු රජය විසින් අද (26) අලුත් නීතියක් හඳුන්වා දී තිබෙනවා.

එය නම් කර ඇත්තේ ‘විසන්ධි කිරීමේ අයිතිය’ (right to disconnect) ලෙසයි.

හඳුන්වා දී ඇති මෙම නීතිය මඟින් වැඩ කරන සේවකයින්ට ප්‍රතිලාභ රැසක් සැලසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව සේවකයින්ට වැඩ කරන වේලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් නොසලකා හැරීමට සහ ඒවාට ප්‍රතිචාර නොදැක්වීමේ හැකියාව ලැබෙනවා.

ඒ සඳහා කිසිඳුවිටෙක සමාගම් ප්‍රධානීන්ට දඬුවම් කළ නොහැකියි.

වාර්ෂිකව ඔස්ට්‍රේලියානුවන් අමතර පැය 281ක් පමණ කිසිදු ගෙවීමකින් තොරව රාජකාරි සිදුකර ඇති බව සමීක්ෂණයකින් හෙළිවීමත් සමඟ සේවකයින්ට සිය පෞද්ගලික ජීවිතයට රැකියාවෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා මෙම නීතිය හඳුන්වා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අද හඳුන්වා දෙනු ලැබූ මෙම නව නීතිය කඩකරන ආයතන ප්‍රධානියෙකුට හෝ සමාගමකට ඔස්ට්‍රේලියානු ඩොලර් 93,900ක් දක්වා දඩයකට යටත්වීමට සිදුවන බවයි.

යුරෝපයේ රටවල් 20ක පමණ මෙම නීතිය ක්‍රියාත්මකයි.