― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකෝඩුකාරයින්ට මේ රට භාර දෙන්න එපා - සුසිල්

කෝඩුකාරයින්ට මේ රට භාර දෙන්න එපා – සුසිල්

කෝඩුකාරයින්ට මේ රට භාර දෙන්න එපා කියා තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනපති රනිල් වැනි අත්දැකීම් සහිත කෙනෙකුට මෙ රට යළි භාරදිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බටහිර කොළඹ ‘පුළුවන් ශ්‍රී ලංකා’ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආර්ථික අර්බුදයෙන් බැට කෑ රට රනිල්ගේ නිසි වැඩපිළිවෙල යටතේ මේ තරමට ගොඩ ආ බවත් ඉතුරු ටිකත් ගොඩදැමීම සඳහා ඔහුට තවත් වසර 05ක් දිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

“අවුරුදු දෙකකට පෙර ජනාධිපතිතුමා භාරගත්තේ පෝලිම් යුගයක් තිබුණු රටක්. මාස දෙකක් තුනක් තුළ රනිල් මේ රට හැදුවා. විපක්ෂ කණ්ඩායම් කලේ අපි කරන වැඩපිළිවෙළට බැන්නා ඉතිහාසයට බැන්නා අවුරුදු 75කට බැන්නා. දරුවන්ට පාසල් යන්න හැදුවා නිල ඇඳුම් දුන්නා පෙළපොත් දුන්නා සපත්තු දුන්නා. එපිට අවුරුදුවල තුන්වෙනි වාරය පටන් ගත්තෙ දෙසැම්බර් මාසේ මේ අවුරුද්දේ තුන්වෙනි වාරෙ පටන් ගන්නේ 26 වෙනිදා ආයේ නොවැම්බර් 27 නිවාඩු දීලා ජනවාරි 2 පාසල් පටන් ගන්නවා. උසස් පෙළ නියමිත විදිහට නියමිත දිනයේදී ලබන අවුරුද්දෙ තියෙනවා.

රජයේ සේවකයෝ ලක්ෂ පහළොවට ඊළඟ අයවැයෙන් වැටුප් විෂමතාවයට පිළියම් යොදන්න තීරණය කළා. දැනට ජීවන වියදම හැටියට ගෙවන 17800 ය 25000 ක වෙනවා. අවම වැටුප වෙන්නේ පනස් පන්දාහක්
පඩි වැඩි කරලා දෙන්න බිලියන 220ක් යනවා. ඒ ගාන හොයන්න අයවැයෙන් ඉලක්කයක් අරන් තියෙනවා.

දැන් කේක් එක හදලා තියෙන්නේ දැන් එයාලා අයිසින් කරන්න ඉල්ලනවා. හැබැයි කේක් එක හදපු මිනිහා තමයි දන්නේ අයිසින් එක කොහොමද දාන්නේ කියලා. අයිසින් කරන්න එක එක්කෙනාට බාර දෙන කාලයක් නෙමෙයි මේක. හැත්තෑවක් බැරිවුණා කාටවත් මේ අයට දීලා බලමු කියනවා. අපේ ජනාධිපතිතුමාට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් ජනාධිපති උනොත් translate කෙනෙක් ගෙනියන්න වෙනවා ජනාධිපතිට. අනිත් එක්කෙනා ජනාධිපති උනොත් oxford dictionary ගෙනියන්න ඕනේ.”