25 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද සිට

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද සිට

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අද (26) සිට බෙදාහැරීමට නියමිතයි.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා දීමේ මධ්‍යස්ථාන ආශ්‍රීතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා.

ලබන මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 04 සිට 06 වනදා දක්වා සිදුකිරීමට නියමිත අතර මෙම දිනයන්වල දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රජයේ සේවකයන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වෙන්කර තිබෙනවා.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

එමෙන්ම අද (26) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තා.