25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්ථානයේ අධිවේගයකදී 23 දෙනෙක් ඝාතනය කරලා

පාකිස්ථානයේ අධිවේගයකදී 23 දෙනෙක් ඝාතනය කරලා

පකිස්ථානයේ, බලුකිස්තාන් ප්‍රදේශයේදී තුවක්කුකරුවන් විසින් එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිරිතදිග පාකිස්ථානයේ පන්ජාබ් සහ බලුකිස්තානය සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක දී තුවක්කුකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් මෙම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සටන්කාමීන් පිරිසක් විසින් මාර්ගයේ ගමන් ගත් බස් රථ, ට්‍රක් රථ සහ වෑන් කිහිපයක් නවත්වා සිදුකළ පරීක්ෂාවකින් පසු මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

එමෙන්ම මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.