― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබාලවයස්කාර දැරියක් කෙළෙසූ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් කෙළෙසූ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

කොස්වත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු 10යි මාස 08ක බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අතවර කළ විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව – හාල්දඩුවන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් බවයි පොලීසිය පැවසුවේ.

අතවරයට පත්ව ඇති දැරිවියගේ මිත්තණිය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුවයි සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු අතවරයට පත්ව ඇති දැරිවියගේ මවගේ අනියම් සැමියා බවයි.

දැරියගේ මව සැකකරු සමඟ දිවි ගෙවා ඇති අතර දැරිය සිට ඇත්තේ ද ඔවුන් දෙදෙනා සමඟයි.

මව මීගමුව ප්‍රදේශයේ ලොතරැයි අලෙවි කිරීම ජීවිකාව ලෙස කරගෙන ගොස් ඇති අතර යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටින සැකකරු කුලී වැඩ කරමින් ඔවුන් සමග රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මව නොමැති අතර තුර දැරිය නිවසේ තනිවම සිටි අවස්ථාවේදී සැකකරු ඇයව බිය ගන්වා මෙම අපරාධය සිදු කර තිබෙනවා.

බොහෝ දිනවල දිවා කාලයේදී දැරිය නිවසේ කෑ ගසන හඩ අවට පදිංචිකරුවන්ට ඇසී ඇති නමුත් ඇය තමන්ට සිදුවන අපරාධය කිසිවෙකු සමග පවසා නැහැ.

පසුව ඇය තමන් මුහුණ දී ඇති තත්ත්වය තම මිත්තණිය සමඟ පැවසීමෙන් අනතුරුව මිත්තණිය විසින් මේ බව පොලීසියට දැනුම් දී පසු සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.