― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමීයෝ අල්ලන්න නම් දත් තියෙන බළලෙක් ඉන්න ඕනේ - ජනපති

මීයෝ අල්ලන්න නම් දත් තියෙන බළලෙක් ඉන්න ඕනේ – ජනපති

මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතු බවත් බළලාට දත් නැත්නම් තමාට බැන වැඳීමෙන් ඵලක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා නීතිඥ වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවයි.

එමෙන්ම තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ෂයක නොමැති බව පැවසූ ජනාධිපතිවරයා අවධාරණය කළේ සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව, ජනතාව ජීවත් කරවීම පිළිබඳව බවත් අවධාරණය කළේය.

එදා මේ රටේ අගමැතිකම භාර ගන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මම පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබු මන්ත්‍රිවරයෙක්. මට කිව්වා අගමැතිකම භාරගන්න කියලා. මම එම වගකීම භාරගන්නේ නැතුව පැන ගියානම් විශාල අවනම්බුවක් සිදුවෙනවා. එය බියගුළු ක්‍රියාවක් වෙනවා. මගේ තිබෙන අත්දැකීම් අනුව මේ ගැටලුව විසඳිය හැකි බවට විශ්වාසයක් මා තුළ තිබූ නිසා මම එම වගකීම භාරගත්තා.

අප මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එකඟතාවයට ආවා. දෙවනුව අපට චීනය සහ අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා කිරීමට තිබුණා. සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුද යන්න පිළිබඳව නෙවෙයි. අප ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ තීරණය ගත යුතුව තිබෙනවා. ආපසු බොරු කළොත් රට වැටෙනවා. මේ මොහොතේ ආර්ථික ස්ථාවරභාවය අවශ්‍යම වෙනවා. මම අපෙක්ෂා කරන්නෙ මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාමටයි.”