― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල්ගේ ප්‍රතිපත්තියේ තියෙන්නේ හැම විදියකම ගැහිලි විතරයි - මරික්කාර්

රනිල්ගේ ප්‍රතිපත්තියේ තියෙන්නේ හැම විදියකම ගැහිලි විතරයි – මරික්කාර්

ජනපතිගේ පුළුවන් ප්‍රතිපත්තියේ ඇත්තේ බදු ගහන්න පුළුවන්, බඩු මිල වැඩි කරන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්, බාල බෙහෙත්වලින් ගහන්න පුළුවන් විසා ගනුදෙනුවෙන් ගහන්න පුළුවන් කූඨ උපක්‍රම බව සමගි ජන සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දැන් රනිල් එක්ක ඉන්න මහින්දානන්ද, ලන්සා, ප්‍රසන්න, රත්තරන්, එස් එම්, බන්දුල, දිනේෂ්, කරුණා, පිල්ලෙයාන්, බාර් කුමාර්, මුස්ලිම් දේශපාලකයෝ, දුමින්ද අලගියවන්න, රවී, අකිල, සාගල, රංගේ ඉන්නේ
ආයෝජන ගේන්න හෝ බඩු මිල, බදු අඩු කිරීමට නොවන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29 එළිදක්වන බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවුරුදු 2 ට කලින් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් දැන් නැවත අප්ඩේට් කර 29 වැනිදාට එය එළිදක්වන බවත්ය.