27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් මියගිය සින්දුජාගේ සැමියාත් මෙලොව හැරයයි

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් මියගිය සින්දුජාගේ සැමියාත් මෙලොව හැරයයි

මන්නාරම රෝහලේදී පසුගියදා මියගිය සින්දුජා නැමැති කාන්තාවගේ සැමියා ඊයේ (25) රාත්‍රියේ නිවසේදී සියදිවි හානි කරගෙන තිබෙනවා.

පසුගිය මාසයේ දරු ප්‍රසූතිය සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කළ ඇය වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මිය ගියා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙලෙස මියගිය කාන්තාවගේ සැමියා ඊයේ නිවසේදී සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති අතර ඔහු බේරාගෙන රෝහල්ගත කර ඇතත් එහිදී ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

වවුනියාව, පුලියන්කුලම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එස්. සුදන් නමැති තරුණයෙක් මෙලෙස මිය ගියා.

මන්නාරම මහ රෝහලේදී තරුණ මවක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම රෝහලේ කාර්යභාර වෛද්‍යවරයා, හෙදියන් දෙදෙනෙකු සහ පවුල් සෞඛ්‍ය‍ සේවිකාවකගේ සේවය ද අත්හිටුවා තිබෙනවා.