26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රීලනිපයේ ප්‍රබලයන් රැසක් ජනපතිගේ සහායට

ශ්‍රීලනිපයේ ප්‍රබලයන් රැසක් ජනපතිගේ සහායට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක්ව තිබෙනවා.

මෙලෙස සහය පළ කරන පිරිස මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලය වෙත අද (26) පෙරවරුවේ පැමිණ මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව කළුතර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය ඇමතිනි ප්‍රියංගනී අබේවීර, ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ඩයස් බණ්ඩාරනායක, කොළොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ශාන්ත රත්නායක, රක්වාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක උපාලි චන්ද්‍රසේන, අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක අනුර මුණසිංහ, දෙනියාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක සාගර සුරේන් එදිරිවීර, පොතුවිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක විජයමුනි නිපුන සොයිසා, කැළණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තිලක් වරාගොඩ, ලග්ගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක අසිත වෑගොඩපොල, ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක චමිල ද සිල්වා යන අය මෙලෙස ජනාධිපතිවරයාගේ සහායට එක්ව තිබෙනවා.