― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසිරිකොත ඉස්සරහ ගෑස් ටැංකියක් එල්ලා රනිල් පක්ෂය විනාශ කළා - දයාසිරි

සිරිකොත ඉස්සරහ ගෑස් ටැංකියක් එල්ලා රනිල් පක්ෂය විනාශ කළා – දයාසිරි

රනිල් වික්‍රමසිංහ පක්ෂයත් විනාශ කර, සිරිකොත පක්ෂ කාර්යාලයේ අලියට ඉස්සරහ ගෑස් ටැංකියක් එල්ලා සම්පූර්ණයෙන් පක්ෂය විනාශ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (25) සමගි ජන බලවේගයේ අරලගංවිල නගරයේ ස්ථාපිත කරන ලද ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මෙසේද පැවසීය.

අද ජේ.වී.පී.එක අපිට බනිනවා අපි එහෙට යනවා මෙහෙට යනවා කියලා. අපි විතරක් නෙමෙයි ඒ අයත් 2004 ආණ්ඩුවට ගියා. ගිහිල්ලා ආන්ඩු කළා. ඒ විතරක් නෙමෙයි 89-89 ජේවීපී එක කළ විනාශය විතරක් ඩොලර් බිලියන 05ක්. 71 කරපු විනාශය ඩොලර් බිලියන 02යි. එල්.ටී.ටී.ඊ. සංවිධානයයි ජනතා විමුක්ති පෙරමුණ මේ රටට සිදුවුණු විනාශයට වග කිව යුතුයි.”