― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsජනපති රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමි බැහැදකියි

ජනපති රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමි බැහැදකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපතිවරයා අද නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණියා.

සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙලෙස රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝරත්නය බැහැදුටුවා.

එහිදී උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළා.