25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයල කන්නයේ වී මිලදී ගැනීම අද සිට

යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අදින් (27) ආරම්භ වනවා.

වී අලෙවි මණ්ඩලය පැවසුවේ රජය විසින් එහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක් ලබා දී ඇති බවයි.

ඒ අනුව කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130ක මිලකට මිලදී ගන්නා අතර සම්බා වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 115ක මිලක් නියම කර තිබෙනවා.

එමෙන්ම නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105 බැගින් මිලදී ගනු ලබන අතර පොහොර සහානාධාරය ද රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ පැවසුවේ වී අස්වනු නෙළා අවසන් කරන ලද දිස්ත්‍රික්කවල පිහිටි වී ගබඩා 32ක් විවෘත කර තැබීමටත්, තවත් ගබඩා 100ක් අවශ්‍ය විටෙක විවෘත කිරීමටත් සූදානම් කර ඇති බවයි.