29.5 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජිත් කවදාවත් රනිල්ව කොපි කරන්නේ නැහැ - තිස්ස

සජිත් කවදාවත් රනිල්ව කොපි කරන්නේ නැහැ – තිස්ස

සජිත් කවදාවත් රනිල්ව කොපි කරන්නේ නැති බවත් අපේ ආණ්ඩුවක් යටතේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ 25 දෙනෙක් පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (26) අනුරාධපුරයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තිස්ස අත්තනායක කියා සිටියේ සමහරු රනිල් මහත්මයා පරාජය වුවහොත් නැවත රට අගාධයට පත්වන බව පවසමින් රටේ ජනතාව බිය වද්දවා ඇති නමුත් එසේ නොවන බවත් රට කරගෙන යාමට සජිත් ප්‍රේමදාස ළඟ නිසි සැලැස්මක් ඇති බවත්ය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ කියන කරන දේ කොපි කර නැවත ඒ වගේ පොරොන්දු ජනතාවට සජිත් ප්‍රේමදාස ලබාදෙන බව රජයේ චෝදනා කිරීම අභූත චෝදනාවක් බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.