― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅධිකරණයට අපහාස කළ ලෝයර් නෝනාට වැඩ වරදියි

අධිකරණයට අපහාස කළ ලෝයර් නෝනාට වැඩ වරදියි

නීතිඥ වෘත්තියේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කරමින් අදාළ වෘත්තීයේ නිරත වීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින කැකිරාව ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියකට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම නීතිඥවරියට අදාළ පැමිණිල්ල ඊයේ (26) එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වග උත්තරකාර නීතිඥවරිය අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර නීතිපතිවරයා විසින් කෙටුම්පත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ චෝදනා පත්‍ර ඇයට විවෘත අධිකරණයේ කියවා භාර දුන්නා.

පසුව අධිකරණය කළ විමසීමකදී වගඋත්තරකාර නීතිඥවරිය සඳහන් කළේ තමන් අදාළ චෝදනාවලට නිවැරදිකාරිය බවයි.

කැකිරාව නීතිඥ මණ්ඩලයේ නිලධාරියෙක් තමන් හා අමනාපයෙන් පසුවන බවත් තමන්ගෙන් පළිගැනීම සඳහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවත් අදාළ නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසුවාය.

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සැප්තැම්බර් මස 24 වැනිදා විභාගයට ගැනීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකාර නීතිඥවරියට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළේය.

සාමාන්‍යයෙන් මෙවැනි චෝදනා එල්ල වී ඇති අවස්ථාවක වගඋත්තරකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත්, මීට ඉහත අවස්ථා දෙකකදී නීතිඥවරු දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.

නමුත් මෙම වගඋත්තරකාර නීතිඥවරිය පිළිකා රෝගයෙන් පෙළෙන බවට කරුණු ඉදිරිපත් වීම හේතුවෙන් එම කරුණ සැලකිල්ලට ගෙන ඇය මුදාහරින බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ තිබූ නඩු ගොනුවක ⁣අත් අකුරු පරික්ෂා කිරීම සඳහා නියමිතව තිබූ කොලයක් ඉරා සපා කෑම සහ නඩු ගොනුව බලහත්කාරයෙන් අත්පත් කරගෙන හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීන්දු කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නීතිඥවරියට නීතිඥ වෘත්තීයේ නිරත වීම වළක්වාළමින් ඉකුත් මාර්තු මස 22 වැනිදා නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එසේ තිබියදී අදාළ නීතිඥවරිය මාර්තු මස 25 වැනිදා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පිහිටි සිය කාර්යාලය විවෘත කොට සිය නාම පුවරුව ද ප්‍රදර්ශනය කරමින් සිවකුමාර් සිවන් නමැති සේවාදායකයෙකු කාර්යාලයට කැඳවා උපදෙස් ලබා දී මුදල් ලබාගෙන තිබීම තුළින් ඇය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය උල්ලංඝනය කොට චේතනාවිතවම අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ඇයට එරෙහිව මෙම චෝදනා පත්‍ර ගොනුකර තිබුණා.

එම සේවාදායකයාට උපදෙස් දෙන අවස්ථාවේදී ලබා ගත් විඩියෝ දර්ශන ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.